සීගිරි ගීවලින් නිරූපිත නිර්ව්‍යාජ කවිත්වය

Authors

  • භාග්‍යා දිල්හානි මාබුලගේ සහාය කථිකාචාර්ය ස ිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

DOI:

https://doi.org/10.31357/vidudaya.v1i01.7298

Keywords:

සීගිරි ගී, නිර්ව්‍යාජ කවිත්වය, කවියා, සංස්කෘත කාව්‍ය ශාස්ත‍්‍රය

Abstract

කි‍්‍ර. ව. 8, 9, 10 වැනි සියවස්වලට අයත් සීග ිරි කුරුටු ගී මගින් අනුරාධපුර යුගයේ සමාජීය, ආර්ථික, දේශපාලන,
ආගමික හා සංස්කෘතික යනාදි ක්ෂේත‍්‍ර නිරූපිත ය. සමාජයේ නොයෙක් තනතුරු හෙබවූවෝ සීග ිරිය නැරඹීමට
පැමිණ බෙයන ්දෙහි වූ ලලනා සිතුවම් හා සීග ිරිය අවට පරිසරය පිළිබ`ද තමන්හට දැනුණු හැ`ගීම් ඒ
ආකාරයෙන්ම කැටපත් පවුරෙහි ලියා තැබූහ. එසේ ගී ලිය ුවෝ අතර රජවරුන්, කුමර කුමරියන්, සාමාන්‍ය ගැමි
පුද ්ගලයන්, බෞද්ධ භික්ෂූන්, නියම් ජෙට්, වෙද්නා, පසක් කැමි, වෙණද, ඇදුර්, කමණ ආදීහු වෙත්. සීගිරි ගීවල
ස`දහන්ව ඇති පරිදි මොවුහු රුහුණ, උතුර වැනි දිවයිනේ නන් දෙසින් පැමිණියෝ වූහ. කැටපතෙහි අක්ෂර
ලිවීම පහසු කාර්යයක් නොවේ. එසේම ඇත්තේද සුළු ඉඩ හසරකි. එසේ වතුදු තමන්ට හැ`ගුණු සිතුවිලි
එලෙසින්ම ලියා තැබීමද කළ යුතු වේ. මෙක ී සියලු කරුණු සලකා බලා සීග ිරි කුරුටු ගී රචනා කළ කවියෝ
ම ුක ්තක නම් ප‍්‍රබන්ධ ක‍්‍රමය භාවිත කොට තම සිතුවිලි පර්වතයෙහි ලිවීමට සිතූහ. මෙම කාව්‍ය විශේෂය පැරණි
කාව්‍ය විචාරකයන් දැන සිටියා වූ විශිෂ්ට කාව්‍ය බන ්ධන ක‍්‍රමයකි. මේ පිළ ිබ`ද අල්ප වූ ස`දහනක ් සියබස්ලකරෙහි
දක්නට ලැබේ (ලොකුබණ්ඩාර, 2009: 13 පිටුව*. එසේ විරචිත සීග ිරි ගීවලින් නිරූපණය වන නිර්ව්‍යාජ කවිත්වය
කෙබ`දු දැයි යන්න මෙම ලිප ියේ පර්යේෂණ ගැටලුව අතර සීග ිරි ගීවලින් එම නිර්ව්‍යාජ කවිත්වය නිරූපණය
වන ආකාරය නිරීක්ෂණ කිරීම මෙම පර්යේෂණ ලිපියේ අරම ුණ විය.

Downloads

Published

2024-03-26