අලංකාර ශාස්ත්‍රයට උද්භටගේ දායකත්වය
DOI:
https://doi.org/10.31357/vidudaya.v1i01.7296Keywords:
උද්භට, අලංකාර ශාස්ත‍්‍රය, ගුරුකුලය, ජයාපීඩ, ගුණ-දොසAbstract
පෙරදිග විචාර කලාවේ අලංකාරවාදීන ් අතර උද්භට විශිෂ්ටයෙකි. ඔහු කාශ්මීරියානු ගුරුකුලයට අයත් වූවෙකි. භාමහවිවරණ, කුමාරසම්භව, කාව්‍යාලංකාර සාර සංග‍්‍රහ ඔහුගේ රචනා සේ සැලකේ. කාශ්මීරියානු ගුරුකුලයත් ඉන්දියාවේ නැගෙනහිර බටහිර හා දකුණ පුරා පැතිරී සිටි වෙනත් කාව්‍ය විචාර කලාව හා සම්බන ්ධ ආචාර්යවරුන්ගේ අදහස් සංකල්ප මතවාදවලත් නිර්මාණකරණය සම්බන්ධයෙන් විවිධ වෙනස්කම් හ`දුනා ගැනීමට පිළ ිවන. එ ්වා ගුණ, දෝෂ, අලංකාර යන ප‍්‍රධාන මාතෘකා තුනට බෙදා සාකච්ඡුා කළ හැකිය. කාශ්මීරියානු ගුරුකුලවාදීහු ගුණ තුනකැ’යිද දෝෂ සතරකැ’යිද පවසති. එහෙත් සෙස්සෝ එ ්වා දහය බැගින් ඇතැයි කියති. රීති දෙකකැ’යි කාශ්මීරියානුවන් පවසන අතර සෙසු විචාරවාදීහු ඊට වඩා වැඩි සංඛ්‍යාවක ් දක්වති. එපමණක් නොව අන්තර්ගතයද සම්පූර්ණයෙන් වෙනස් වේ. ඇතැම් අලංකාරවලින ් එම කාර්යය සිදු නොවන බව දක්වා ඒවා කාශ්මීරියානුවෝ බැහැර කරති. එහෙත් සෙසු පාර්ශ්වවල එ ්වා ප‍්‍රධාන අලංකාර සේ ප ිළ ිගැනේ. මෙම මතවාදී ගැටීම ඔවුනොවුන ්ගේ ස්වාධීනතාවම තහවුරු කොට ඇත. එසේම විචාර සංකල්පවල අභිවෘද්ධියටද එවා හේතු වනු දැකිය හැකිය. උද්භට තම කාව්‍යාලංකාර සාර සංග‍්‍රහයේ අලංකාර 36ක් දක්වයි. එ ්වායින් අවසාන දෙක එනම් කාව්‍යලිංග/කාව්‍යහේතු හා කාව්‍ය දෘෂ්ටාන්ත යන දෙක මෙතෙක් න ුදුටු නවතම අලංකාර දෙකකි. මෙම අලංකාර තිස්හය ප‍්‍රභේද සමගින් ගත් කල සංඛ්‍යා ප‍්‍රමාණයෙන ් හැත්තෑහතකි. මොහුගේ ආචාර්ය පරම්පරාවේ විද්වත්හු ශබ්දාලංකාර ගැන වැඩි අවධානයක් යොමු නොකළහ. උද්භට තම කෘතියේදී ශබ්දාලංකාර වර්ග හතරක ් හ`දුන්වා දෙය ි. ඒ අතර මෙතෙක් පිළිගෙන තිබූ යමක නමින් හැ`දින්ව ූ අලංකාරය බැහැර කොට ඇත. එම ශබ්දාලංකාර මෙසේය. පුනරුක්තවදාභාස, ෙඡ්කානුප‍්‍රාස, අනුප ්‍රාස, ලාටානුප‍්‍රාස වශයෙනි. මේ ශබ්දාලංකාර එකිනෙක ගැන කරන විවරණය උද්භටටම ආවේණික වූවකි. අනුප ්‍රාස ශබ්දාලංකාරය ශබ්ද පදනම් කරගෙන පරුෂා, උපනාගරිකා, ග‍්‍රාම්‍යා යනුවෙන ් වර්ග කොට ඇත. ලටානුප‍්‍රාසයේද කොටස් පහකි. එනම් එකෛකපදාශ‍්‍රය ලාටානුප‍්‍රාසය, පදසම ුදායාශ‍්‍රය ලාටානුප‍්‍රාසය, ස්වතන්ත‍්‍ර පරතන්ත‍්‍ර ශබ්දාශ‍්‍රය ලාටානුප‍්‍රාසය, පරතන්ත‍්‍ර ශබ්දාශ‍්‍රය ලාටානුප‍්‍රාසය, සාමාසික පරතන්ත‍්‍ර ලාටානුප‍්‍රාසය වශයෙනි. ශබ්දාලංකාර ක්ෂෙත‍්‍රයට උද්භටගේ දායකත්වය එපරිද්දෙනි.